Monday, April 29, 2024

General line - 0115112241

වාස් සර්ගේ පුහුණුව යටතේ අපි හොඳ තැනකට ආවා - වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාර




පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සමග ඊයේ පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසනවා. තරගයෙන් අනතුරව පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ඒ බව අනාවරණ කළා.

කෙසේ වෙතත්, ආබාධය හේතුවෙන් මහීෂ් තීක්ෂණ ඊළග තරගයෙන්, බංග්ලාදේශයට එරෙහිව ලබන 24 වනදා පැවැත්වෙන තරගයෙන් විවේක ගැන්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි භානුක රාජපක්ෂ මාධ්‍ය හමුවේදී අනාවරණ කළේ. එහෙත් ඉන් අනතුරුව පැවැත්වෙන තරග සදහා ගැටලු‍වකින් තොරව මහීෂ් තීක්ෂණට ක්‍රීඩා කළ හැකි වනු ඇති බවටද ඔහු විශ්වාසය පළ කළා.

මේ අතර ශ්‍රී ලංකා වේග පන්දු බැලඇණිය චමින් ද වාස්ගේ පුහුණුකාරීත්වය යටතේ විශාල වර්ධනයක් අත්කරගෙන සිටින බව වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පවසනවා. ඊයේ පැවති තරගයේ ජය සංකේත ප්‍රදානය කෙරුණු අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

” මම ගොඩක් කාලයක් සුදු බොලෙන් (එක්දින තරග) වල ක්‍රීඩා කරලා නෑ. නමුත් මම ඇතුළු අපේ වේග පන්දු බල ඇණිය වාස් සර් එක්ක හොඳට පුහුණුවීම් කළා. ගොඩක් මහන්සි වුනා. දැන් ඒ මහන්සියේ ප්‍රතිපල අපිට පෙන්න තියෙනවා... සතුටුයි ඒ ගැන" ලහිරු කුමාර ප්‍රකාශ කළා.

 නෙදර්ලන්තය සමග ඊයේ පැවති තරගයේදී ලකුණු 07කට කඩුලු 03ක් දවා ගනිමින් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ලහිරු කුමාරයි.