Saturday, November 2, 2024

General line - 0115112241

දිවයින පුරා සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු හෙට සිට ඇරඹෙයි 




දිවයින පුරා සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වනවා. 

ඒ අනුව එක් එක් පංතිවලට ගෙන්වන සිසුන් සංඛ්‍යාව තීරණය කිරීම අදාල පංතිභාර ගුරුවරයා සහ විදුහල්පතිවරයා විසින් තීරණය කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

සිසුන් 200ට අඩු පාසල් ඉකුත් 21වනදා ආරම්භ කෙරුණා. පාසල් ආරම්භ කිරීමේ දෙවන අදියර ලෙසයි සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ. ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේද අවසරය අනුවයි. 

දෙවන අදියරේ පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා.