කොට්ටාව ලියනගොඩ ප්රදේශයේ ගරාජයක දමා ගොස් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඒ, නුගේගොඩ අපරාධ විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි කිරීමකදීයි.
එම ජීප් රථයේ ලියාපදිංචි අංක තහඩු නොතිබූ බවයි පොලීසිය පැවසුවේ.
අදාළ ජීප් රථය කොට්ටාව පොලිස් ස්ථානය වෙත රැගෙන විත් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.