Sunday, November 24, 2024

General line - 0115112241

පසුගිය මාස දහයේ රිය අනතුරු 1,818 ක් - පුද්ගලයින්   1,898 ක් ජීවිතක්ෂයට




මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට ඔක්තෝම්බර් 25 වනදා දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 1,898 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

සිදු වූ රිය අනතුරු 1,818 කදී එම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ. 

මාරක රිය අනතුරුවලට ලක් වූ රථවාහන සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී අදහස් පළ කළා.