ප්රවිණ රංගන ශිල්පිනී විශාකා සිරිවර්ධණ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබා දුන් ඇය මිය යන විට 65වන වියේ පසුවුණා. පිලිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි විශාකා සිරිවර්ධන මහත්මිය ඊයේ රාත්‍රීයේ මිය ගිය බවයි කුරුණෑගල රෝහල් ප්‍රකාශකවරයෙකු සඳහන් කළේ.
1981 වසරේදී සිනමාවට පිවිසෙන ඇය සිංහල සිනමාවේ උසම නිළිය ලෙසයි සැලකෙන්නේ. විශාකා සිරිවර්ධන මහත්මිය චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවක රංගනයෙන් දායක වී තිබෙනවා.
සනසන්න මා, සඳ මඩල, රන් දම් වැල්, සත්යදේවී සහ ඇහැලේපොල කුමාර හාමී වැනි චිත්‍රපටවල කැපීපෙනෙන උප ප්‍රධාන චරිත රග දැක්වුවා