බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ උදෑසන 07 සිට සවස 05 දක්වා සිදු කල විශේෂ මෙහෙයුමකදී වරේන්තුකරුවන් ඇතුලු සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාතභාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග සහ උපදෙස් පරිදි මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වුණා.
අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවන් 398 දෙනෙකු සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 405 දෙනෙකු මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 60 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.