පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් තොරතුරු එක්රැස් කරන අයෙකු පිළිබඳ නෙත් නිවුස් ඉකුත් දින කිහිපයේදීම තොරතුරු වාර්තා කළ අතර අදාල පුද්ගලයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මොරටුව ලක්ෂපති ප්රදේශයේදීයි. නෙත් නිවුස් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කිරීමෙන් පසු බස්නාහිර පළාත් විශේෂ පරීක්ෂණ ඒකකය විමර්ෂණයක්ද ආරම්භ කළා.
ඒ, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන්ගේ උපදෙස් අනුවයි. රවිදු කල්හාර නමැති පුද්ගලයෙකු තමන් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස හදුන්වා දෙමින් විවිධ පුද්ගලයින්ගේ තොරතුරු සහ පැමිණිලි එක්රැස් කරන බවට නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වූ අතර ඒ ඔස්සේ එම විමර්ෂණ ආරම්භ වුණා.
පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නාමල් සී පෙරේරා, කුච්චවේලී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විදානගේ ඇතුලු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් අදාල පුද්ගලයා ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන බවයි නෙත් නිවුස් එහිදී අනාවරණ කළේ. පොලිස් මාධ්‍ය ඇඩ්මින්වරයෙකු ලෙසද මෙම පුද්ගලයා තමන් හදුන්වා දෙමින් විවිධ පුද්ගලයින්ගේ තොරතුරු රැස් කරන බවද එමගින් අනාවරණ කෙරුණා.
එම අනාවරණයෙන් පසු චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා පොලිස් නිලධාරීන් නමින් පවත්වාගෙන ගිය ෆේස්බුක් ගිණුම් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශද සටහන් කර ගෙන තිබෙනවා.
මෙම තොරතුරු නෙත් නිවුස් හරහා අනාවරණ කීරීමත් සමග ඒ පිළිබඳව අදාළ මූලාශ්‍ර සොයා ගැනීම සදහා පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඊට අදාළව තොරතුරු ලබාදුන් නෙත් නිවුස් මාධ්‍යවේදීන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් වුණා.
නෙත් නිවුස් කළ ගවේෂණයේදී වැඩිදුරටත් හෙළි වුණේ “පොලිස්පතිට කියමු” නමින් ද ෆේස්බුක් පිටුවක් ඔහු විසින් නිර්මාණය කර ඇති බවයි. මේ පිළිබද තොරතුරු අනාවරණ කිරීමෙන් පසු පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ඊට අදාළව තොරතුරු ගවේෂණය කළ නෙත් නිවුස් මාධ්‍යවේදීන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් පොලීසිය පවසා ඇත්තේ මේ පිළිබද ප්‍රශ්න කිරීම සදහා පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් ප්‍රධානීන් දැනුවත් කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. ඒ අනුව කළුතර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න උපදෙස් දී ඇත්තේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙසයි.
රටට තොරතුරු හෙළි කරන මාධ්‍යවේදීන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරන, මෑතකදී වාර්තා වූ දෙවන සිද්ධිය මෙයයි. මීට පෙර සුදුළුෑනු වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට සූදානම් වුණා. ඒ අවස්ථාවේදීද අග්‍රාමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබාදී තිබුණේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙසයි.