Sunday, April 28, 2024

General line - 0115112241

මත ගැටුම් ආණ්ඩුව තුලදීම විසඳ ගන්න - ජනපති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දෙයි




ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය පිළිබඳ එහිදී සාකච්ඡා නොවූ බවයි.  

එම සාකච්ඡාවට එක්වූ අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින අර්බුද විවේචනය නොකර ආණ්ඩුව තුළදී පමණක් ඒවා විසඳා ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් බවයි. 

අමාත්‍ය වාසුදේව නානායක්කාර මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ වැවිලි කර්මාන්තය සඳහා රසායනික පොහොර ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇති බවයි.