Sunday, April 28, 2024

General line - 0115112241

මාස 06කට පසු පාසැල්වල ප්‍රාථමික අංශ අද ඇරඹෙයි




මාස 06 ක කාලයකට පසු දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා. සෞඛ්‍ය ක්‍රමවේද යටතේ අධ්‍යයන කටයුතු සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. 

පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් පාසල් වෙත පැමිණීමේදි නිල ඇදුම බාධාවක් කර නොගෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසල්වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දැනුම් දී තිබුණා. වර්ජනයේ නිරත වු ගුරු විදුහල්පතිවරුන් ද අද දිනයේ පාසල් වෙත වාර්තා කිරීමට නියමිතව තිබෙනවා. 

උණ, කැස්ස වැනි රෝගී තත්ත්වයන් සහිත දරුවන් පාසල් වෙත එවීමෙන් වලකින ලෙසයි මව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ. ලබා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් මව්පියන් සිය දරුවන් පාසල් වෙත යොමු කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ.  

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා.  

මේ අතර වර්ජනයේ නිරත වු ගුරු විදුහල්පතිවරුන් ද අද සිට අධ්‍යයන කටයුතු සඳහා පාසල් වෙත වාර්තා කිරිමට නියමිතව තිබෙනවා. එලෙස පාසල් වෙත පැමිණෙන ගුරු විදුහල්පතිවරුන් කිසිඳු බාහිර කටයුත්තක් සඳහා දායක නොවන බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.  

සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් අද දහවල් දෙකට රට පුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළා.

සිය සටන් පාඨය වෙනස් කරමින් අද සිට ගුරු විදුහල්පතිවරු සිය ඉල්ලීම් වෙනුවෙන් මෙම අරගලය දියත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.