Sunday, April 28, 2024

General line - 0115112241

පළාත් තුළ දුම්රිය සේවාත් අද සිට




මාස 03 කට අධික කාලයක් නවතා තිබූ දුම්රිය ගමන් අද සිට ආරම්භ කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පළාත් තුළ පමණක් එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක වන බවයි. අද දිනයේ දුම්රිය ගමන්වාර 133 ක් පමණ ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රියේ ගමන් කළ හැක්කේ වාර ප්‍රවේශපත්‍ර හිමි දුම්රිය මගීන්ට පමණක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ. 

පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වන බැවින් සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් සිසු සැරිය බස්රථ වැඩි සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. සිසු සැරිය බස්රථ, අවශ්‍යතාවය මත  සීමාවකින් තොරව වැඩි කිරීමට අදාල පාර්ශවයන්ට බලය පවරා ඇති බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.