Sunday, April 28, 2024

General line - 0115112241

අද පාසැල් පැමිණි ගුරුවරුන් පස්වරු 02 ට රටපුරා විරෝධතාවක්




දින 106 කට පසු අධ්‍යයන කටයුතු සඳහා අද පාසැල් වෙත වාර්තා කළ ගුරුවරුන් පස්වරු 02 ට රටපුරා විරෝධතාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

 “දරුවන්ට උගන්වමින් - පාසැල් යමින් - අරගලය පෙරට” යන නව සටන් පාඨය යටතේ සිය අරගලය ආරම්භ කරන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නෙත් නිවුස් වෙත පැවසුවේ.

ගුරුවරුන් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තියක ක්‍රියාමාර්ගයක ද නිරත වන බවයි ඔහු සඳහන් කළේ.