Saturday, November 2, 2024

General line - 0115112241

රට තුළ ඉන්ධන හිගයක් නොමැති බව ඇමති ගම්මන්පිල කියයි




රට තුළ ඉන්ධන හිගයක් නොමැති බව විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පොහොර අර්බුදය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කරුණු පිළිබඳ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.