2019 වසරේ සිදුවු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම ප්‍රහාරයට නායකත්ව ලබාදුන් ජාතික තව්හීද් ජමාත් නායක සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මුල්‍යමය හා වෙනත් අත්‍යාවශ්‍ය සහය ලබාදුන් බව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් Zoom තාක්ෂණය ඔස්සේ ඉකුත් 23 වනදා පැවති සංවාද මණ්ඩපයකට සහභාගී වෙමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශන කමිටුවේ සාමාජික, සිරිල් ගාමිණි පියතුමන් අදාළ ප්‍රකාශය සිදුකර තිබුණා.
ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ, සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීම සඳහා එකල බි්රගේඩියර්වරයෙක් වු සුරේෂ් සලේ, ක්‍රියාකාරී දායකත්වයක් දක්වා ඇති බවයි.
සිරිල් ගාමිණී පියතුමා හා වෙනත් අය විසින් සිදුකර ඇති එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, තමන් අපකීර්තියට පත්කිරීමේ අරමුණින් නඟා ඇති එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.
එම චෝදනාවල අරමුණ වන්නේ, පොදු ජනතාව නොමඟ යැවීම පමණක්ම නොව හිතාමතාම සිය කීර්ති නාමයට හානි කිරීම හා සිය ජීවිතය මෙන්ම පවුලේ සාමාජිකයින්ගේ ජීවිත ද අනතුරේ හෙළීමක් බව ද රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන්.