Monday, April 29, 2024

General line - 0115112241

මග හැරුණු පාඩම් ආවරණය කරන වැඩසටහන කඩිනමින් - අධ්‍යාපන ලේකම් කියයි




මෙම වසරේ මෙන්ම ඉකුත් වසරේදී පාසැල් සිසුන්ට මගහැරුණු පාඩම් කටයුතු ආවරණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අත්‍යවශ්‍ය විෂය කරුණු පමණක් ආවරණය කිරීම ඒ යටතේ සිදු කෙරෙනු ඇති. එම විෂය කරුණු ආවරණය කිරීම සඳහා සතියේ දිනවල අමතර පැයක කාලයක් පාසැල් පැවැත්වීමට හෝ සෙනසුරාදා දිනවලදී අධ්‍යයන කටයුතු සිදුකිරීමටයි මේවනවිට අවධානය යොමුව ඇත්තේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා. 

පාසැල්වල 06 සිට 13 දක්වා ශ්‍රේණි ආරම්භ කිරීමේ සැලසුම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු පැහැදිළි කෙරුණා. 

දිවයිනේ සියලුම පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ඊයේ ආරම්භ වූ අතර සිසුන් මෙන්ම ගුරු හා විදුහල්පතිවරුන් පාසැල්වලට පැමිණීම ඉහළ මට්ටමක පැවැති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ.