Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයට ලකුණු 130ක දැවැන්ත ජයක්




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා. ඒ, ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 130 කින් පරාජය කරමින්. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 04 ක් දැවී ලකුණු 190 ක් රැස්කළා. නජිබුල්ලා සඩ්රන් පන්දු 34 කදී ලකුණු 59 යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 10 යි පන්දු 02 කදි සියලුදෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 60 ක් පමණයි. පන්දු යැවීමේදී මුජිබ් උර් රහමන් ලකුණු 20 කට කඩුළු 05 ක් දවාගත් අතර රෂීඩ් ඛාන් ලකුණු 09 කට කඩුළු 04 ක් දවා ගැනීමට සමත්වුණා. 

මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ තවත් තගයක් අද පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.