Monday, April 29, 2024

General line - 0115112241

වෙළඳපලේ කටයුතුවලට මින්පසු බලපෑම් නැහැ - රජයෙන් ප්‍රකාශයක්




පසුගිය කාලසීමාවේදී ලැබූ අත්දැකීම් අනුව ඉදිරියේදී විවෘත වෙළඳපලේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමට රජය කටයුතු නොකරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කිරීමට රජය ගත් පියවර සහ ඉන් අපේක්ෂිත අරමුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.

එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ ඇතුළු භාණ්ඩ රැසක මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.