Monday, April 29, 2024

General line - 0115112241

ඉන්ධන ආනයනය සඳහා සිංගප්පූරු සමාගමකට දිගු කාලීන කොන්ත්‍රාත්තුවක්




ලබන වසරේ මාස 08 ක කාලයක් සඳහා පෙට්‍රල් හා ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ ජනවාරි 01 වනදා සිට 2022 අගෝස්තු 31 දක්වා කාලය තුළ එම සමාගම වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙලෙස කරුණු දැක්වුවා.