Monday, April 29, 2024

General line - 0115112241

සීමාවන්ට යටත්ව සරසවි විවෘත කිරීමට අවසර




සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව අද සිට ඕනෑම දිනයක විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සඳහා උප කුලපතිවරුන්ට අවසර ලබාදී තිබෙනවා.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ සමස්ථ සිසුන් ප්‍රමාණයෙන් සියයට 25 ක් පමණක් එක්වරකට කැඳවා විශ්ව විද්‍යාල කටයුතු පවත්වාගෙන යාමට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබාදී ඇති බවයි.

එලෙස විශ්ව විද්‍යාල වෙත පිවිසීමට අවස්ථාව හිමිවන්නේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්ව දින 14 ක් ගතව ඇති සිසුන් සඳහා බව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

විශ්ව විද්‍යාල තුළ නේවාසිකාගාර ඇතුළු බොහෝ ස්ථානවල පොදුවේ ගැවසීමට සිදුවන බැවින් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අධ්‍යයන කටයුතු සිදුකර ගෙන යන ලෙයසි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇත්තේ.