Saturday, November 2, 2024

General line - 0115112241

ජාතික ඖෂධ නියාමන අධිකාරියට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක් 




ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුරට යුද්ධ හමුදාවේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෙද්‍ය නිලධාරී බ්‍රිගේඩියර් වෛද්‍ය සවීන් සේමගේ පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. 

ඊයේ පැවැති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විශේෂ රැස්වීමකදී දැනට පුරප්පාඩුව පවතින එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට සුදුසු පුද්ගලයෙකු තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර එම අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය ලක්කුමා ප්‍රනාන්දු ඉවත්වීම හේතුවෙන් පුරප්පාඩුවක් පවතිනවා. 

ඒ සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෙකු පත් කිරීමට නියමිතව තිබෙනවා.