පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර තිබෙනවා.
ඒ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහට ලබාදුන් උපදෙස් අනුවයි.
මහාචාර්ය බුද්ධි මාරඹේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සහ කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කළා.
රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් මත ක්‍රියාත්මක කරන පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය විවේචනය කරමින් ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව ඇතුළු විවිධ පාර්ශව පෙළගැස්වෙන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මහාචාර්ය බුද්ධි මාරඹේට චෝදනා එල්ල වන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.
ඔහු රසායනික පොහොර ආනයනය කරන සමාගමක අධ්‍යක්‍ෂවරයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති අතර ඉකුත් රජය සමයේ ග්ලයිෆොසෙට් ආනයනය නතර කිරීමට එරෙහිව ද නායකත්වය ගෙන කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති බව ද එම අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව සිය අමාත්‍යංශය යටතේ දරණ තනතුරු සියල්ලෙන් ඔහු ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව ද එම අමාත්‍යංශය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.