අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරු වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු චීන සමාගමේ කාබනික පොහොර තෙවැනි පාර්ශවයක් මගින් නැවත පරීක්ෂා කිරීම සඳහා එකගවූ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ පවසනවා.
කොළඹ පැවැති වැඩසටහකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ප්‍රතික්ෂේප කෙරුණු පොහොර තොගය සහිත නෞකාව කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ඊට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.