ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී නව නීති ගෙනඒමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ කොවිඩ් මර්දන එන්නත් ලබා නොගත් පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීම වැළැක්වීම සඳහා සීමා පැනවීම වැනි කරුණු පිළිබඳ ඉදිරියේදී අවධානය යොමු කරන බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ද එහිදී අදහස් පළ කළා.