Monday, April 29, 2024

General line - 0115112241

තියුණු සටනකින් පසු පාකිස්තානය නවසීලන්තය පරදවයි




විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය කණ්ඩායම සමත්වුණා. ඒ, නවසීලන්ත කණ්ඩායම කඩුලු 05 කින් පරාජය කරමින්. 

එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා. ඩැරිල් මිචෙල් සහ ඩොවොන් කොන්වේ ලකුණු 27 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී හාරිස් රාවුෆ් ලකුණු 22 කට කඩුලු 04 ක් දවා ගත්තා. පිලිතුරු ඉණිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පහසුවෙන් එම ඉලක්කය කරා ළගාවීමට නවසීලන්ත පන්දුයවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. 

පාකිස්තාන කණ්ඩායම ලකුණු 135 ක ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ තරගයේ 19 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේදීයි. ඒ වන විට පාකිස්තාන කණ්ඩායමේ කඩුලු 05 ක් බිදවැටී තිබුණා. ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් ලකුණු 33 ක් සහ අසිෆ් අලී ලකුණු 27 ක් රැස් කළා. 

තරගයේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තේ හාරිස් රාවුෆ්. එම ජයග්‍රණයත් සමඟ දෙවන කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වීමට පාකිස්තානය සමත් වුණා. ඒ, මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගිවූ තරග දෙකම ජය ගනිමින්.

ඇෆ්ගනිස්තානය එම ලකුණු සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටින්නේ එක් තරගයක් ජය ගනිමින්. තමන් සහභාගී වූ පළමු තරගයෙන් පරාජයට පත්ව සිටින නවසීලන්තය සහ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් තුන්වන සහ හතරවන ස්ථානවලට පත්ව සිටිනවා.