Friday, May 3, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරගයක් අද




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තීරණාත්මක තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරිය පිළිබද බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජය ගැනීම දෙපිළටම අතිශය වැදගත්. ඒ, කණ්ඩායම් දෙකම මේ වනවිට තමන් සහභාගි වූ පළමු තරගය ජය ගෙන තිබීම හේතුවෙන්. 

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි වටය පිළිබද බලාපොරොත්තු තබා ගැනීමේදී ඕස්ට්‍රේලියාව, එංගලන්තය හෝ දකුණු අප්‍රිකාව හමුවේ එක් තරගයක් හෝ ජය ගෙන තිබීම වැදගත් වනු ඇති. 

විචාරකයින් පවසන්නේ ශ්‍රී ලංකා පිලේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් බැවින් මේ වනවිට දුර්වල වී ඇති ඕස්ට්‍රේලියානු පිතිකරණයට බලපෑම් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාවක් පවතින බවයි. එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් බැවින් ශ්‍රී ලංකා පිලටද ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින්ගේ අදහස වන්නේ. 

අද රාත්‍රී 7.30 ට ආරම්භ වන තරගයේදී බිනුර ප්‍රනාන්දු වෙනුවට මහේෂ් තීක්‍ෂණ  ශ්‍රී ලංකා පිලට යළි කැඳවීමට නියමිතයි. 

මේ අතර ලෝක කුසලානයේ ඊයේ පැවති තරගවලින් ස්කොට්ලන්තය පරදවා නැමීබියාවද බංග්ලාදේශය පරදවා එංගලන්තය ද ජය වාර්තා කළා.