Friday, May 3, 2024

General line - 0115112241

ඔස්ට්‍රේලියාවට අභියෝගයක් දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සූදානම්




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටින බව චරිත් අසලංක පවසනවා.

බංග්ලාදේශයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගිය චරිත් අසලංක මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ ඔස්ට්‍රේලියාවට එරෙහිව නිවැරදි සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවයි.

බංග්ලාදේශ තරගයේ ගොඩනැගූ ඉනිම සම්බන්ධයෙන්ද එහිදී අදහස් පළ කෙරුණා.

පන්දුවාර 20 තරගවලදි සාර්ථකවීමට බලපෑ හේතු සම්බන්ධයෙන් චරිත් අසලංක අදහස් පළ කළා.

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පන්දුවාර විස්ස තරගය අද රාත්‍රී 7.30 ට ඩුබායිහිදී පැවැත්වෙනවා.