Friday, May 3, 2024

General line - 0115112241

තරඟ 08 කට පසු ශ්‍රී ලංකා පිළට විස්සයි 20 පරාජයක්




පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව ඊයේ සහභාගී වූ තරඟයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ කඩුලු 07 කින් පරාජයට පත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පනිදුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 දී කඬුලු 06 කට ලකුණු 154 ක් රැස් කළා.

 ශ්‍රී ලංකා පිළ 09 වන පන්දුවාරයේදී එක් කඬුල්ලකට ලකුණු 78 ක් රැස් කරමින් ප්‍රභල ස්ථානයක සිටි නමුත් 12 වන පන්දුවාරය වන විට තවත් කඬුලු 04 ක් බිද වැටුණු අතර ඒ වන විට ලකුණු පුවරුව දැක්වුණේ 94 ක් ලෙසයි. කුසල් ජනිත් පෙරේරා සහ චරිත් අසලංක ලකුණු 35 බැගින් රැස් කළ අතර භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 33 යි. ශ්‍රී ලංකා මැද පෙළ බිද දැමූ ඇඩම් සම්පා පන්දුවාර 04 දී ශ්‍රී ලංකාවේ කඩුලු 02 ක් ලකුණු 12 කට දවා ගත්තා තරගයේ වීරයා සම්මානය හිමි කර ගනිමින්.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දුවාර 17 කදී කඩුලු 03 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. තරඟාවලියේ ලකුණු අතර නොසිටි ඕස්ට්‍රේලියාවේ ආරම්භක පිතිකරුවන්ට යළි සුපුරුදු රිද්මයට පැමිණීමට ඉඩ ලබාදුන් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් ඔවුන්ගේ දරුණු ප්‍රහාරයට ලක් වුණා. 

ඒ, තරගාවිලයේ මෙතෙක් සාර්ථකව සිටි ශ්‍රී ලංකා ප්‍රධාන වේගපන්දු යවන්නන් වන දුස්මන්ත චමීර, ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න යැවූ පන්දුවාර 08 ක් තුළ ලකුණු 100 ක් රැස් කර ගනිමින්. 

ජේවිජ් වෝනර් වේගවත් ලකුණු 65 ක් රැස් කළේ ලකුණු 18 දී කුසල් ජනිත් පෙරේරාට ලබාදුන් පහසු උඩ පන්දුව අතහැරීමේ වාසියද ලබාගනිමින්. පන්දු 
යැවීමේදී වනිදු හසරංග ලකුණු 22 කට කඩුලු 02 ක් බිද හෙලුවා.

ඕමාන තරගාවලියේ සිට ශ්‍රී ලංකාව ඊයේ තරගය දක්වා අඛණ්ඩව පන්දුවාර 20 තරඟ 08 ක් ජයගෙන තිබුණා. ලෝක කුසළාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළග තරගය දකුණු අප්‍රිකාව සමග හෙට පැවැත්වීමට නියමිතයි.