Friday, May 3, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහිව කොදෙව්වන් තියුණු ජයක් වාර්තා කරයි




පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අද පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 03ක තියුණු ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුවා. මෙම තරගය පැවැත්වුනේ සාජාහිදී. 

පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 142 ක් රැස්කළා. 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 139ක් පමණයි.