Friday, May 3, 2024

General line - 0115112241

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ගමන තීරණය වන තීරණාත්මක තරගය අද




පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු කාණ්ඩයේ තීරණාත්මක තරග 02 ක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඉන් පළමු තරගය අද පස්වරු 03.30 ට ආරම්භ වන්නේ සාජා ක්‍රීඩාංගනයේදීයි. මෙම කන්ඩායම් දෙකම මේ දක්වා සහභාගී වූ තරග දෙකෙන් එක් තරගය බැගින් ජයගෙන සිටිනවා. ඒ අනුව තරගාවලියේ ඉදිරිය පිළිබද බලාපොරොත්තු තබා ගැනීමට නම් මෙම තරගය ජය ගැනීම ශ්‍රී ලංකාවට සහ දකුණු අප්‍රිකාවට අතිශය වැදගත්.

දෙවැනි තරගය අද රාත්‍රී 07.30 ට පැවැත්වෙන්නේ එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතරයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට ලෝක කුසලානයේ ඉදිරි වටයට සුදුසුකම් ලබාගැනීමට වැඩි අවස්ථාවක් පවතිනවා. ඒ, එම කන්ඩායම් දෙකම මේ වන විට තමන් සහභාගී වූ තරග දෙකම ජයගෙන තිබීම හේතුවෙන්.

මේ අතර පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරග දෙකක් ඊයේ දිනයේදී පැවැත්වුණා. එක් තරගයක් පැවැත්වුණේ බංග්ලාදේශය සහ බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම් අතරයි. එම තරගය ලකුණු 03කි ජය ගත්තේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමයි. පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 142 ක් රැස්කළා. 

පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 දී කඩුලු 05 ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 139 ක් පමණයි.

අනෙක් තරගය පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් අතර පැවැත්වුණා. පාකිස්ථාන කණ්ඩායම එම තරගය ජය ගත්තේ කඩුලු 05ක් අතැතිවයි. පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06ක් දැවී ලකුණු 147ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ පාකිස්තාක කණ්ඩායම 19වන පන්දුවාරයේදී කඩුලු 05ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තා. හතරේ පහර 04ක් සමගින් පන්දු 47කදී බාබර් අසාම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51ක්. 
ඒ අනුව පාකිස්තානයට තරගාවලියේ ඉදිරි වටයට සුදුසුකම් ලැබීමට දැන් වැඩි අවස්ථාවක් පවතිනවා.