Thursday, May 2, 2024

General line - 0115112241

අද තරගයට ඇති සුදානම ගැන දසුන් කතා කරයි




පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ දකුණු අප්‍රිකාව සමග අද පැවැත්වෙන තරගයට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් බොහෝ දුරට සිදු නොවනු ඇතැයි නායක දසුන් ශානක පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවෙදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. 

අද පැවැත්වෙන තරගයට ඇති සූදානම සම්බන්ධයෙන්ද දසුන් ශානක මෙලෙස අදහස් පළ කළා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සාජා ක්‍රීඩාංගනයේදී පස්වරු 03 යි 30 ට ආරම්භ වනවා. ශ්‍රී  ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස තරග 16ක් මේ වන විට පවත්වා ඇති අතර ඉන් තරග 10ක්ම ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි. 
මේ අතර පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තය සහ ඔස්ටේ්‍රලියාව අතර තරගද අද පැවැත්වෙනවා. එය ආරම්භ වන්නේ රාත්‍රී 07 යි 30 ටයි.