කාබනික පොහොර භාවිතයෙන් අස්වැන්න අඩු වන බවට මේ වනවිට නිගමනය කළ නොහැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ වගාවන්හි අස්වැන්න අඩුවීමට තවත් සාධක බලපාන බවයි.
ඉදිරියේදී අස්වැන්නෙහි අඩුවීමක් සිදුවහොත් ඒ සදහා වන්දි ගෙවීමට අවධානය යොමුවී තිබෙනවා. මේ හේතුවෙන් සිය වගාකටයුතු ආරම්භ කරන ලෙසයි කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියේ.
වගාවන් සදහා රසායනික පොහොර ඉල්ලා ඇතැම් ගොවීන් විරෝධතාවල නිරත වුවද ගොවීන්ගෙන් බහුතරයක් මේ වනවිටත් මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉකුත්දා ප්‍රකාශ කළේ.