මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියළු කාර්යාලවලින් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට කලින් දිනයක් හා වේලාවක් අද සිට වෙන්කර ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. තමන්ට කැමති දිනක එම සේවාව ලබාගැනීමට දිනය වෙන්කර ගැනීමටද හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.
දුරකතනය හරහා එලෙස දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැකි ආකාරය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා කරුණු දැක්වුවා.
ඔන්ලයින් ක්‍රමය හරහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙඩ් අඩවිය වෙත පිවිසිය යුතු වනවා.