Saturday, November 2, 2024

General line - 0115112241

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසුත් බස් රථවලට කොන්දෙසියක්

කමල් සුරවීර




පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද නොවැම්බර් 01වනදා සිට මගීන් බස් රථවල ගෙන යා හැක්කේ ආසන ගණනට පමණක් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. දුම්රියෙන් මගීන් රැගෙන යාම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් නොවැම්බර් 01වනදා දුම්රිය ගමන්වාර 152ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ.