Saturday, November 2, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසින් හමුවූ සුපිරි මෝටර් රථ පෙල




මරණ දඩුවම නියම වී සිටින පාතාලකල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ සොහොයුරා සතු වත්කම් සොයා තවදුරටත් විමර්ෂණය සිදු කරන බව පොලිසිය පවසනවා. රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. 

එහිදී ඔහුට අයත් අධි සුඛෝපභෝගී මොටර් රථ 04ක් සහ රත්‍රන් කිලෝ එක හමාරකට අධික ප්‍රමාණයක් සොයා ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිතී විරෝධී වත්කම් සහ දේපල විමර්ෂණ කොට්ඨාශය මගින්. ඔහු සතුව තවත් වත්කම් ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

දෙමටගොඩ රුවන් අත්අඩංගුවට ගැනීමට සිදු කළ විමර්ෂණ සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.

සැකකරු සිදු කළ මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඉන් උපයා ගත් දේපල සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මෙලෙස කරුණු දැක්වූවා.