පවතින අධික වැසි හේතුවෙන් රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ කැදැල්ලවත්ත ප්‍රදේශයේ 04කනුව අසල ගිලා බැස්මක් වාර්තාවන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ සැහැල්ලු වාහන සඳහා පමණක් ධාවනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ අතර බදුලු ඔය පිටාර ගැලීමෙන් ඇති වූ ආපදා තත්ත්වයේ අඩු වීමක් වාර්තා වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියොජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවා.
මේ අතර ඉදිරි දිනවලදීද බොහෝ ප්‍රදේශවල වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.