Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාවට කඩුලු 04ක ජයක්




පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා.

සාජා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය අවසන් පන්දුවාරය දක්වාම තියුණු මුහුණුවරක් ගත්තා.

ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 142ක් රැස් කිරීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට පීඩනයක් ගෙන දුන් ශ්‍රී ලංකා පන්දු යවන්න් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිලට නතු කළද ඩේවිඩ් මිලර් සහ කගිසෝ රබාඩා අවසන් පන්දුවාර දෙකේදී ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය දකුණු අප්‍රිකාවට අත්කර දුන්නා.

තරගයේ ජයග්‍රහණය සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට අවසන් පන්දුවරයේදී ලකුණු 15ක් ලබා ගත යුතුව තිබුණා.

එම පන්දුවාරය ක්‍රියාත්මක කළ ලහිරු කුමාර දෙවන සහ 3 වන පන්දුවේදී පිට පිටම හයේ පහර දෙකක් එල්ල කරමින් ඩේවිඩ් මිලර් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ග්‍රහණය කරා රැගෙන ගියා.

මෙම තරගයේදී වනිදු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබාගත් අතර ඒ සමග ශ්‍රී ලංකා පිලට තරගයේ ජය මාවත විවර වි තිබුණා.

කෙසේ වෙතත් ඩේවිඩ් මිලර් සහ කගිසෝ රබාඩා ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන රැගෙන යාමට සමත්වුණා.

ඩේවිඩර් මිලර් පන්දු 13කදී නොදැවී ලකුණු 23යි. කගිසෝ රබාඩා පන්දු හතකදී ලකුණූ 13ක් රැස් කළා.

වනිදු හසරංග අද තරගයේ වාර්තා කළ කඩුලු ත්‍රිත්වය වාර්තා පොත් අතරට එක් වූයේ පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියක් වාර්තා වූ 3 වන කඩුලු ත්‍රිත්වය ලෙසයි.

ශ්‍රී ලංකා පිල සහභාගි වන මීළග තරග ලබන සදුදා සාජා හිදි පැවැත්වීමට නියමිතයි එම තරගය රාත්‍රි 7.30ට ආරම්භ වනවා.