මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් සදහා ඇතැම් ඖෂධ අධිමාත්‍රාවෙන් ලබාදුන් පානදුර, පල්ලිමුල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පති සී ඩි වික්‍රමරත්න දුන් නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
පල්ලිමුල්ල ප්‍රදේශයේ ඔහුගේ සායන මධ්‍යස්ථානයේ සහ ගොරකපොළ ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තිබී අදාල ඖෂධ පෙති 20,035ක්ද සොයා ගෙන තිබෙනවා. අදාල වෛද්‍යවරයා සම්බන්ධයෙන් පානදුර උතුරු පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂඛ සංජීව ලක්මාල්ට තොරතුරක් ලැබී තිබුණා.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණ සඳහා නෙත් නිවුස් ද පොලිසිය වෙත සහය ලබා දුන් අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් රට හමුවේද එය අනාවරණ කළා. ඉන් නොනැවතී නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කළ ඇති අතර ඒ අනුවයි සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටද නෙත් නිවුස් කටයුතු කළ යුතු අතර එලෙස ඖෂධ අධිමාත්‍රාවෙන් ලබා ගැනීමෙන් සිදුවන හානිය පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනි වෛද්‍ය ප්‍රියංගි අමරබන්දුද අදහස් පළ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනද විමර්ෂණය සඳහා සහය ලබා දෙනු ලැබුවා.