Tuesday, May 14, 2024

General line - 0115112241

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව පැමිණිය හැක්කේ කෙසේ ද?




ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව හමුවේ ඊයේ තරගය පරාජය වීමත් සමග මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ ශ්‍රී ලංකාව තැබු බලාපොරොත්තු ඈතට ගොස් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු රැදී ඇත්තේ සෙසු කණ්ඩායම්වල තරග ප්‍රතිඵල මතයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම දල ලකුණු වේගය නොමැතිව  අවසන් පූර්ව වටයට පිවිසීමට නම් එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග පැවැත්වෙන තරග අනිවාර්යෙන් ජයගත යුතු අතර ඒ සඳහා සෙසු කණ්ඩායම්වල තරග ප්‍රතිඵලද බලපානු ඇති.  

ඒ අනුව ඉදිරි තරගවලදී එංගලන්තය, අනිවාර්යයෙන්ම දකුණු අප්‍රිකාව පරාජය කල යුතු අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම, බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් තරග දෙකම පරාජයට පත්විය යුතුයි. එමෙන්ම බංග්ලාදේශය අනිවාර්යයෙන්ම දකුණු අප්‍රිකාව පරාජය කළ යුතු අතර මේ ආකාරයෙන් පළමු කාණ්ඩයේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගෙ වටය නිමාවට පත් වුවහොත් ශ්‍රී ලංකා පිළට දළ ලකුණු වේගය නොමැතිව අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදාවනවා. 

මේ අතර දකුණු අප්‍රිකාණු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලද පරාජය සම්බන්ධයෙන් තරගයෙන් අනතුරුව භානුක රාජපක්ෂ මෙලෙස අදහස් පළ කළා. 

අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සහ  ඉදිරි තීරණාත්මක තරග දෙක පිළබඳවද භානුක රාජපක්ෂ මෙලෙස අදහස් පළ කළා. 

සුපිරි කණ්ඩායම් 12 දෙනාගෙ වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන 03වන තරගය එංගලන්තයට එරෙහිව හෙට පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07.30ට සාජාහිදී ආරම්භ වීමට නියමිතයි. 

මේ අතර සුපිරි 12 දෙනාගේ වටයේ ඕස්ට්‍රේලියාවට එරෙහි පැවති තරගය කඩුලු 08කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත් වුණා. 

ඩුබායිහි පැවති එම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණුඩායම නියමිත පන්දුවාර 20දී සියල්ලන් දැවී ලකුණු 125ක් රැස් කළා. එංගලන්ත කණ්ඩායම එම ඉලක්කය කඩුලු දෙකක් දැවී ලබා ගැනීමට සමත් වුණා. ඔවුන් ඒ සඳහා වැය කලේ පන්දුවාර 11යි පන්දු 04ක් පමණයි.

පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම පරාජයත් සමග 03වන ස්ථානය දක්වා පසුබැස ඇති අතර එංගලන්තය එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 06ක් ලබා පෙරමුණ ගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාව පසුවන්නේ එම සටහනේ දෙවන ස්ථානයේයි.