Saturday, November 2, 2024

General line - 0115112241

නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 41 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන නීති උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 41 දෙනෙකු අද උදෑසන 06න් අවසන් වූ පැය 24තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මේ වන විට නිරෝධායන නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 81,521ක් වන බවයි.  

මේ අතර බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 13ක ස්ථාපිත පොලිස් මාර්ග බාධකවලදී පුද්ගලයින් 2,446 දෙනෙකු සහ වාහන 1,308 ක් ඊයේ දිනයේදී පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී කිසිදු අවසරයකින් තොරව පැමිණි පුද්ගලයින් 312 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 153 ක්ද සමඟ ආපසු හරවා යැවීමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.