Saturday, November 2, 2024

General line - 0115112241

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග රිය අනතුරු වැඩි වෙයි




සංචරණ සීමා ඉවත් කිරීමත් සමග රිය අනතුරුවල යළි වර්ධනයක් දක්නට ඇතැයි පොලිසිය පවසනවා. ඊයේ දිනය තුළ පමණක් මෙරටින් වාර්තා වූ මාරක රිය අනතුරු සංඛ්‍යාව 05ක්. එම රිය අනතුරු සිදුව ඇත්තේ හලාවත, ඇල්පිටිය, බලංගොඩ, වැලිපැන්න ගහමුල්ල සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලදීයි.

 එම ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් ඇති අතර වයස අවුරුදු 13ක සහ වයස අවුරුදු 17ක ළමුන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ. 

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග වැඩි වශයෙන් රථවාහන මාර්ගවලට පැමිණීමත් සමග රිය අනතුරුවල වැඩි වීමක් දක්නට ඇති බව පොලිසිය සඳහන් කළා. කොරෝනා පාලනය සඳහා අවධානය යොමු කරනවා සේම මාර්ගා ආරක්ෂාව පිළිබඳවද විමසිලිමත්වන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.