Saturday, November 2, 2024

General line - 0115112241

දුම්රිය මගීන්ට පැනවූ සීමා හෙට සිට ඉවතට

රවින්ද්‍ර චන්ද්‍රලාල් / මාධව කුලසූරිය / පාලිත ආරියවංශ




මාස 06කට පසු පළාත් අතර බස් රථ සේවා අද ආරම්භ කෙරුණා. ඒ, පළාත් අතර සංචරණ සීමා අද අළුයම 04ට ඉවත් කිරීමත් සමගයි. ඒ අනුව අන්තර පළාත් බස් රථ අද අළුයම සිට සෞඛ්‍ය ක්‍රමවේද යටතේ මගී ප්‍රවාහන කටයුතු ආරම්භ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. මේ ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල මගී ප්‍රවාහන කටයුතු පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල්. 

පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග උතුරු පළාතට ඇතුළුවන ස්ථානවල ස්ථාපිත කෙරුණු මාර්ග බාධකද අද ඉවත් කෙරුණු බවයි නෙත් නිවුස් වව්නියාව වාර්තාකරු මාධව කුලසුරිය පැවසුවේ. 

ඌව පළාතේ සිට සෙසු පළාත් අතර අන්තර් පළාත් බස්රථද අද ධාවනයට එක්කර තීබු අතර ඒ පිළිබඳ තොරතුරු නෙත් නිවුස් බදුල්ල වාර්තාකරු පාලිත ආරියවංශගෙන්.

කෙසේවෙතත් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් සියලු අන්තර් පළාත් බස් රථ හෙට සිට ධාවනයට එක්කරන බවයි නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ. 

පළාත් අතර දුම්රිය සේවාද හෙට සිට ආරම්භ කෙරෙන අතර දුම්රිය ගමන්වාර 152ක් ඒ අනුව ධාවනයට එක් කිරීමට නියමිතයි. දුම්රිය මගීන්ට පනවා තිබූ සීමාවන්ද ඉවත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ.