Saturday, November 2, 2024

General line - 0115112241

බූස්ටර් මාත්‍රාව ලබා දීම හෙට සිට




කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් මෙරට පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බුස්ටර් එන්නත් මාත්‍රාව ලබා දීම හෙට සිට ආරම්භ කෙරෙනවා. එලෙස බූස්ටර් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි. 

බූස්ටර් මාත්‍රාව ලබා දීමේදී සෞඛ්‍ය ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියලෙන ඉදිරිපෙල පිරිස් සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බවයි   සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඤ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.