ලංගම සහ පෞද්ගලික බස් ධාවන කටයුතු හෙට සිට සාමාන්‍ය කාල සටහනකට අනුව සිදු කෙරෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. පළාත් අතර සංචරණ අද අළුයම ඉවත් කෙරුණු අතර අන්තර් පළාත් බස් රථ සේවා ඒ අනුව අද ආරම්භ වුණා. බස් රථ මගිීන් ප්‍රවාහනය කළ යුත්තේ ආසන ගණනට පමණක් බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.
කාර්යාල දුම්රිය හෙට සිට ධාවනය කෙරෙණ අතර දුරගමන් සේවා දුම්රිය ගමන් සේවා කටයුතු 05වනදා සිට ආරම්භ කෙරෙන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.