මෙරට බෞද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අනගි මෙහෙවරක් ඉටු කළ අපවත් වී වදාල කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අද දැයෙන් සමු ගත්තා.
උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් පරිශ්‍රයේ පැවැත්වුණේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. ආදාහන පූජෝත්සවය මහ සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට සර්ව ආගමික නායකයින්ද එක්ව සිටියා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙන්ම මැති ඇමතිවරු රැසක්ද ඊට එක්වුණා.
මේ ආදාහන පුජෝත්සවය අමතමින් අපවත් වී වදාල අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ශාසනයට කළ මෙහෙවර අගය කළ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙන්පති ගාලු බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත හිමියන්.
මේ ආදාහන පූජෝත්සවය ඇමතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ආදාහන පුජෝත්සවය ඇමතුවා.