Saturday, November 2, 2024

General line - 0115112241

පොහොර ඉල්ලා උපවාසයේ නිරත ඇලහැර ගොවීන් මාරාන්තික උපවාසයකට සැරසේ

ප්‍රගීත් ජානක




රසායනික පොහොර ඉල්ලා අදත් ප්‍රදේශ රැසක ගොවි විරෝධතා පැවැත්වුණා. ඇඹිලිපිටිය නගර මධ්‍යයේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කළ විරෝධාතාවක් පැවති අතර මේ හේතුවෙන් ඇඹිලිපිටිය ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වුණා. 

මේ අතර ඇලහැර ගොවි ජනපදයේ ගොවීන් අද කුඩා මින්නේරිය දේවාලයට පැමිණ දේව කන්නලව්වක නිරිත වුණා. ඒ, බලධාරීන් කඩිනමින් පොහොර ලබා දෙන බවට ප්‍රකාශ කළද ඊට මෙතෙක් විසදුම් ලැබී නොමැති බවට පවසමින්. 

මේ අතර මහ කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලා ඇලහැර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 41ක් පොලොන්නරුව බකමූන ප්‍රදේශයේ ආරම්භ කළ උපවාසයට අදට දින 08ක් ගතවී තිබෙනවා. උපවාසයේ නිරත ගොවීන් සඳහන් කළේ පොහොර ගැටලුවට බලධාරින් කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් සිය උපවාසය මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බවයි. 

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ සඳහන් කළේ රටපුරා රසායනික පොහොර ඉල්ලා විරෝධතා ක්‍රියාත්මක වන්නේ දේශාපලන පක්ෂවල මැදිහත් වීමෙන් බවයි.