කොරෝනා මර්දන කටයුතුවල නියලී සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු ඉදිරිපෙල සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. බූස්ටර් මාත්‍රාව සඳහා එලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි.
ඒ අනුව පළමුවෙන්ම ඉදිරිපෙල සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සමාජිකාවන්ට එම එන්නත ලබා දීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.
කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගෙන මාස 06ක් ගතවූ පුද්ගලයින්ට බූස්ටර් මාත්‍රාව ලබාදීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එම මාත්‍රාව පළමුවෙන් ලබාදෙන්නේ ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින්ට සහ ත්‍රිවිද හමුදා සමාජිකයින්ටයි. ගුවන් තොටුපල, වරාය, සංචාරක යන ක්ෂේත්රවල නිරත වී සිටින පාර්ශව සඳහා අනතුරව බූස්ටර් මාත්‍රාව ලබා දෙන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
ඉන් අනතුරුව වයස අවුරුදු 30 ත් 60 ත් අතර විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින්ටත් අනතුරුව අවුරුදු 20 ට අඩු කොරෝනා මර්දන එන්නත ලබාගැනීම සඳහා නිර්දේශිත පිරිසටත් බූස්ටර් මාත්‍රාව ලබා දීමට නියමිතව තිබෙනවා.
මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක අතර මේ දක්වා පුද්ගලයින් එක් කෝටි තිස් හතර ලක්ෂ 60,092 දෙදෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක්කර තිබෙනවා. එම අගය මෙරට ජනගහනයෙන් සියයට 62.5 ක ප්‍රතිශතයක්.