Saturday, November 2, 2024

General line - 0115112241

කාර්යාලීය දුම්රියත් අද සිට ධාවනයේ




සාමාන්‍ය කාල සටහනට අනුව අද සිට දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කාර්යාලීය දුම්රිය අද සිට නියමිත පරිදි ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කිරීම අනිවාර්යයි. 

ලබන 05 වනදා සිට දුරගමන් දුම්රිය සේවා ආරම්භ කරන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ. 

පළාත් අතර දුරගමන් සේවා බස්රථ ද අද සිට ධාවනයට එක් කෙරෙන අතර සෞඛ්‍ය නීති උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවලට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් සඳහන් කළා.