කොළඹ – නුවර මාර්ගයේ පෑලියගොඩ ප්‍රදේශයේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තාවනවා.
කොළඹ දෙසට ඇති කැලණිය අලුත් පාළමේ එම රථවාහන තදබදය ඇතිවී තිබෙන බවයි සඳහන් වන්නේ.
මේ අතර නාරාහේන්පිට සහ අවට පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කාර්යාල සේවකයන්ට ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා අද (01 වැනිදා) සිට සාමාන්‍ය සහ සුඛෝපභෝගි විශේෂ කාර්යාල ප්‍රවාහන බස් සේවාවක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සඳහන් කළා.