චීනයේ ෆයිනෑන්ෂල් ස්ට්‍රීට් ෆෝර්ම් හි වාර්ෂික සමුළුව අමතමින් වටිනා හා ප්‍රායෝගික අදහස් කීපයක්ම ලොව හමුවේ තැබීමට ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය කථානායකල රාජ්‍ය අමාත්‍ය සහ ප්‍රකට ව්‍යාපාරික තිලංග සුමතිපාලට පසුගියදා අවස්ථාව ලැබුණා.
චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින පුළුල් ආර්ථීක හා මූල්‍ය සන්දර්භය තුළ මෙම සමුළුව ඇමතීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාවක් ලැබීමද සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකෙනවා. තිලංග සුමතිපාලට අමතරව මෙම සමුළුවේ ප්රමුඛ පෙළේ දේශන සඳහා අවස්ථාව හිමිවී තිබුණේ ලොව ප්‍රධාන පෙළේ විද්වතුන් කිහිපදෙනෙකුට පමණයි.
සමුළුවේ මෙවර තේමාව ලෙස “ආර්ථික පුනර්ජීවනය හා මූල්‍ය මෙහෙවර” යොදාගෙන තිබූ අතර සමුළුව තෙදින සමුළුවක් ලෙස ඔක්තෝබර් 20 දා සිට 22 දින දක්වා බෙයිජිං නුවරදී පැවැත්වුණා.
තිලංග සුමතිපාල මෙහිදී “තීරුව හා මාවත ඇරඹුම : ආර්ථික පුනර්ජීවනය හා හරිත සංවර්ධනය”යන මැයින් සිය දේශනය පැවැත්වූ අතර ජාත්‍යන්තර මූල්‍යායතන ප්‍රධානින් හා ජාත්‍යන්තර කීර්තිධර ආර්ථික විද්‍යාඥයින් ඇතුලු සුවිශේෂී පිරිසක් හමුවේ තිලංග සුමතිපාල සමුළුව ඇමතුවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2020 දී 3.3%කින් ගෝලීය ආර්ථිකය හැකිළුනු බව පෙන්වා දුන් සුමතිපාල සඳහන් කළේ මෙම තත්ත්වය 1930 ගණන් වල සිදුවූ මහා ආර්ථික අවපාතයෙන් පසු ඇති වූ විශාලතම පසුබෑම බවයි.ලොව පුරා බොහෝ ආණ්ඩුවලට ස්වකීය ප්‍රමුඛතා නැවත ඇගයීමට හා ප්‍රාග්ධන ව්‍යාපෘතිවලට වෙන්කර තිබූ අරමුදල් සෞඛ්‍ය හා සහනාධාර ක්‍රියාමාර්ග වලට මාරු කිරීමටත් මේ අනුව සිදු වුණා.
ඔවුන්ගේ රටවල රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ සහභාගිත්වය වටා භ්‍රමණය වන බව තිලංග සුමතිපාල පෙන්වා දුන්නා.තිලංග සුමතිපාලට තවත් මෙවැනිම ප්රමුඛපෙළේ ශාස්ත්‍රීය හා සංස්කෘතික ක්‍රියාකාරකම් පිළිබඳව සමුළුවක් ඇමතීමටද ඇරයුම් ලැබී තිබෙනවා.