32 වන ජාතික යෞවන ක්රීඩා උළෙලට සමගාමීව වාරියපොල කුරනාව ප්රදේශයේ පැවැති කුරුණෑගල දිස්ත්රික් කබඩි තේරීම් තරගාවලියට එක්වූ කණ්ඩායමකට මැර ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
නිකවැරටිය කණ්ඩායම සහ පඬුවස් නුවර බටහිර කණ්ඩායම අතර පැවැති තරගය අතරතුර මෙම මැර ප්රහාරය එල්ල වී ඇති බවයි නෙත් ස්පෝට්ස්මන් වෙත වාර්තා වුණේ.
බීමත්ව සිටි පිරිසක් මුගුරු රැගෙන මෙලෙස පැමිණ ඇති අතර ඔවුන් සිදුකළ පහරදීමකින් පඬුවස්නුවර බටහිර කණ්ඩායමේ ක්රීඩකයෙකු තුවාල ලබා තිබෙනවා.
ඔහු වාරියපොල රෝහලට ඇතුළු කිරීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවුණා. පඬුවස්නුවර බටහිර කණ්ඩායම එම තරගය ජයග්රහණයට ආසන්න වෙමින් ඇති අවස්ථාවක නිකවැරටිය කණ්ඩායමේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම මැර ප්රහාරය එල්ල කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් වාරියපොල පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා. මේ, එම සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු නෙත් ස්පෝට්ස්මන් වෙත පළ කළ අදහස්.
මේ අතර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර තරගය සාජා හිදී අද පැවැත්වෙනවා. එම තරගය මෙරට වේලාවෙන් අද රාත්රී 07.30 ට ආරම්භවිමට නියමිතයි.