කාර්යාලයීය දුම්රිය ගමන් මාස කිහිපයකට පසු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. කෙසේවෙතත් සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වූ අතර ඉන් මගීන් ද දැඩි පීඩාවට පත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවූ අතර බොහෝ වේලාවක් දුම්රිය නවතා තැබීමට සිදුවුණා.
දුම්රිය මගීන් චෝදනා කරන්නේ බලධාරීන් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට පෙර එම කටයුතු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදුකළ යුතු බවයි. මේ, අද පෙරවරුවේ සිදුවූ දුම්රිය ප්‍රමාදය හේතුවෙන් පීඩාවට පත්වූ දුම්රිය මගියෙක්.
ප්‍රධාන මාර්ගයේ සිදුවූ සංඥා දෝෂ සම්බන්ධයෙන් නෙත් නිවුස් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කැළණිය දුම්රිය ස්ථානය අසල ඇති සංඥා කුළුණක රැහැනක් කිසියම් අයෙකු විසින් කපා රැගෙන යාම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.
මේ අතර පේරලන්ද සහ රාගම දුම්රිය ස්ථාන අතරදී දුම්රිය 02 ක් අද පෙරවරුවේ එකිනෙක ගැටී තිබෙනවා.
කෙසේවෙතත්, ඉන් බරපතල හානියක් සිදුව නොමැති බවයි දුම්රිය බලධාරීන් සඳහන් කළේ. අද දිනයේ කාර්යාල දුම්රිය ගමන්වාර 152 ක් පමණ ක්‍රියාත්මක වනවා.
අද පෙරවරුවේ මාතර සිට දුම්රිය 02 ක් කොළඹ බලා ධාවනය වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද පැවසුවේ.
මහනුවර දුම්රිය ස්ථානයෙන් ද කාර්යාලීය දුම්රිය 03 ක් කොළඹ බලා ධාවනය කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ.
මගී තදබදය අවම කිරීම සඳහා අමතර දුම්රිය මැදිරි එක් කිරීමට ද පියවර ගෙන ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
පළාත් අතර දුම්රිය ධාවන කටයුතු පිළිබඳව ද මෙහිදී අදහස් පළ කෙරුණා.